"තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහන - 2026.ස්ථිර සහ ආරක්ෂිත නිවසක් අහිමි අඩුආදායම්ලාභී පවුල් වෙනුවෙන්
"තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහන - 2026.ස්ථිර සහ ආරක්ෂිත නිවසක් අහිමි අඩුආදායම්ලාභී පවුල් වෙනුවෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන මෙම නිවාස ආධාර වැඩසටහන යටතේ,
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඩුවස්නුවර බටහිර කුරුඳුකුඹුර වසමේ ඉඳුනිල් චාමරී මහත්මියගේ නව නිවසට මුල්ගල් තැබීමේ මහෝත්සවය පසුගිය 18 වැනිදා සුබ මොහොතින් සිදු කරන ලද්දේ පඬුවස්නුවර ප්‍රාදේශීය සභා සභාපති සංජීව කරුණාසාගර මහතාගේ ප්‍රධානත්වයෙනි.මෙම අවස්ථාවට කොට්ඨාසයේ මන්ත්‍රීතුමන්ලා, ප්‍රාදේශීය ලේකම් නුවන් තිලකරත්න මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් ධරණි උපේක්ෂා මහත්මිය, වසම භාර ග්‍රාම නිලධාරීතුමිය සහ ආර්ථික සංවර්ධන නිලධාරීතුමිය, කොට්ඨාස භාර තාක්ෂණ නිලධාරී ආර්.ඩී.ජී.පී. රූපසිරි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කරමින්, වඩාත් සුරක්ෂිත මෙන්ම අංගසම්පූර්ණ ජීවන තත්ත්වයක් උදාකර දීම උදෙසා නිවසක ඇති අවශ්‍යතාවය හදුනාගනිමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් මෙවැනි වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරනු ලබයි.
No Comments