තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්”යන තේමාවට අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඕකෙවෙල

තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්”යන තේමාවට අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඕකෙවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නව නිවාස දෙකක් විවෘත කිරීම හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය සාලිය සදරුවන් මදරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරුණි.

මෙලෙස විවෘත කෙරුණේ ඕකෙවෙල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නතුවල ග්‍රාම නිළධාරී වසමේ පදිංචි අමිතා ධර්මසීලි මහත්මියගේ සහ වාව්ව ග්‍රාම නිළධාරී වසමේ පදිංචි රොෂාන් චන්දිම මහතාගේ නිවාසයි.

වත්මන් රජයේ නව නිවාස වැඩසටහන අඩුආදායම්ලාභි පවුල් වෙත මෙලෙස නිවාස ඉදිකිරීම සිදු කරන අතර ජාතික නිවාස සංවර්ධන අධිකාරිය එම වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි.

එක් නිවසක් ඉදිකර ගැනීම සඳහා එක් ප්‍රතිලාභියකු සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය රුපියල් ලක්ෂ 10ක ආධාර මුදල් ලබා දෙයි.

මෙම අවස්ථාවට ඡාතික නිවාස සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් කලමනාකරු නන්දසේන වටගෙදර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.