ජාතික නිවාස වැඩසටහන 2026" ක්‍රියාවට නැංවීම සඳහා වන සාකච්ඡාවක් අද (16) ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණේ

ජාතික නිවාස වැඩසටහන 2026" ක්‍රියාවට නැංවීම සඳහා වන සාකච්ඡාවක් අද (16) ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණේ නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ සහ නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතාගේ ප්‍රධානත්වයෙනි.

2026 අයවැය යෝජනාවලියෙන් මෙම වර්ෂයේදී නිවාස අවශ්‍යතාවය ඌණ පූර්ණය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන වැඩසටහන "ජාතික නිවාස වැඩසටහන 2026 යි". මෙම වැඩසටහන මගින් නිවාස 31000 (තිස් එක්දහසක්) වැඩ නිම කිරීමට යෝජිත අතර ඉන් නිවාස 15000 (පහළොස්දහසක්) සෑදීමේ වගකීම ජාතික නිවාස සංවර්ධන අධිකාරියට පැවරී තිබේ. එය ක්‍රියාත්මක වන්නේ පසුගිය දිනවල ඇති වූ ආපදාවෙන් හානි වූ නිවාස ගොඩනැගීමේ වැඩසටහනට අමතරව වීම විශේෂත්වයකි.

මෙම සාකච්ඡාව සදහා අමාත්‍යාංශ ලේකම් කුමුදුලාල් බෝගහවත්ත මහතා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති අරවින්ද සිරිනාත මහතා සහ සාමාන්‍යාධිකාරීතුමා ඇතුළු ඉහළ කලමනාකාරීත්වය සහ දිස්ත්‍රික් කලමනාකාරවරුන් සහභාගී වූහ.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.