ජාතික නිවාස සංවර්ධන අධිකාරිය 2026 වර්ෂයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කිරීමේ සැමරුම් උත්සවය අද (01) එහි සභාපති අරවින්ද සිරිනාත මහතාගේ ප්‍රධානත්වයෙන් ආයතන පරිශ්‍රයේදී පැවැත්වුණි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය 2026 වර් ෂයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කිරීමේ සැමරුම් උත්සවය අද (01) එහි සභාපති අරවින්ද සිරිනාත මහතාගේ ප්‍රධානත්වයෙන් ආයතන පරිශ්‍රයේදී පැවැත්වුණි.මෙම අවස්ථාව සදහා එම අධිකාරියේ සාමාන්‍යාධිකාරි ඉංජිනේරු කේ.ඒ.ජානක මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියළුම දෙනා සහභාගී වූහ.ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කර රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්, අධිකාරියේ සේවය කළ මියගිය සේවකයන් මෙන්ම දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මියගිය සහෘදයන් අනුස්මරණය කිරීමෙන් අනතුරුව රාජ්‍ය සේවක ප්‍රතිඥාව ඉදිරිපත් කර කාර්යාලීය රාජකාරී නිල වශයෙන් ආරම්භ කෙරුණි.අදින් ඇරඹෙන නව වසර එක් ධජයක සෙවණ ලද රටක්, දැයක් ලෙස අකම්පිතව නැගී සිටින්නට දිරිය ලද ජනතාවකගේ අභිමානය කියාපාන්නට මෙන්ම “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” තුළින් අභියෝග හමුවේ නොසැලෙමු යන්න මැයෙන් මෙහිදී රාජ්‍ය සේවකයෝ ප්‍රතිඥා දුන්හ.
මීට සමගාමීව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල ද සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් 2026 රාජකාරි නිල වශයෙන් ආරම්භ කරන ලදී.
No Comments