“ දිට්වා” සුළි කුණාටුවෙන් රටට බලපෑ ආපදා තත්වය හේතුවෙන් විනාශයට පත් නිවාස නැවත ඉදිකිරීම සඳහා රජයේ
“ දිට්වා” සුළි කුණාටුවෙන් රටට බලපෑ ආපදා තත්වය හේතුවෙන් විනාශයට පත් නිවාස නැවත ඉදිකිරීම සඳහා රජයේ වැඩ පිළිවෙළ විධිමත්ව සකස් කිරීම පිළිබඳ සාකච්ඡාවක් පසුගිය සෙනසුරාදා (06) මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ.
මේ සඳහා නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා, පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු කුමුදුලාල් බෝගහවත්ත මහතා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති අරවින්ද සිරිනාත මහතා,සාමාන්‍යාධිකාරී ඉංජිනේරු කේ.ඒ.ජානක මහතා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී විය.
මෙහිදී ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදී ව්‍යවසනයෙන් අලාභහානි සිදු වූ නිවාස සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවට බඳුන් විය.
No Comments