ලෝක ජනාවස දිනය අද (3) සැමරුවා.

ලෝක ජනාවස දිනය අද (3) සැමරුවා. සෑම වසරකම ඔක්තෝබර් මස පළමු සඳුදා ලෝක ජනාවාස දිනය ලෙසින් ප්‍රකාශයට පත් කළේ 1986 වසරේ සිටයි. ඒ අනුව අද දින සමරනු ලැබුවේ 36 වැනි ලෝක ජනාවාස දිනයයි.

මෙවර ලෝක ජනාවාස දිනයේ තේමාව වන්නේ “වෙනසක් නොකරමු – කිසිවෙක් කිසිතැනක අත්නොහරිමු” යන්නයි.

ඒ අනුව  ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශීර්වාදයෙන් ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අනෙකුත් මැති ඇමතිවරුන්ගේ ගෞරවනීය සහභාගීත්වයෙන් අද (3) ලෝක ජනාවාස දිනය සමරනු ලැබුවේ අරලියගහ මන්දිරයේදීයි. 

ගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් සඳහන් කළා තට්ටු නිවාස හිමියන්ට හිමිකම් ඔප්පු ලබා දීම කඩිනම් කරන බව. අපි මෙවර ලෝක ජනාවාස දිනයට සමගාමීව මේ කටයුත්ත ආරම්භ කළා. 

අපේ අමාත්‍යාංශය යටතේ තිබෙන ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මේ නිවාස ව්‍යාපෘතිවල කටයුතු කරනවා. මේ ආයතන තුන පසුගිය කාලයේදී නිවාස 85,600 ක් ඉදිකර තිබෙනවා. ඉන් හිමිකම් ඔප්පු ලබා දී තිබෙන්නේ 47,619 කට පමණයි.

තවත් 37,981 කට හිමිකම් ඔප්පු ලබා දීමට තිබෙනවා. ඒ අනුව ලෝක ජනාවාස දිනය සැමරූ අද දිනයේදී මහල් නිවාස හිමියන් 650 දෙනෙකු සඳහා හිමිකම් ඔප්පු ලබාදීම ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදුකරනු ලැබුවා.

ඒ අනුව ඉදිරි වසරක කාලය තුළ මෙම හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල අවසන් කිරීමට මා දැනටමත් නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා. නිවසක අයිතිය සියළුම දෙනාටම හිමිවිය යුතු බව රජය විශ්වාස කරන නිසයි අප මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. 

ලෝක ජනාවාස දින සැමරුමට සමඟාමීව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය සහ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය එක්ව නාගරික ජනාවාසවල ජනතාව වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ ළමා චිත්‍ර, කෙටි චිත්‍රපට හා ගෙවතු වගා තරඟවල ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රධානය කිරීම ද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබුවා.

“තිරසාර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා වන දීර්ඝකාලීන ජාතික ප්‍රතිපත්තිවලින් තොරව රටක් සංවර්ධනය කිරීම දුෂ්කරය. මූලික මිනිස් අවශ්‍යතාවයක් සේ ගැනෙන නිවාස සිහිනය සැබෑ කරගැනීමටනම් සම්ප්‍රධායික චින්තනයෙන් මිදී කටයුතු කළ යුතුය. ස්භාවික සම්පත්වලින් පොහොසත් රටක ජීවත්වන අප වසර 36 ක් මුළුල්ලේ එකම මූලික අවශ්‍යතාවයක් හෝ සපුරාගැනීමට අපොහොසත්වීම පිළිබඳව ගැඹුරින් සිතා බැලිය යුතුයි.පවුලේ ආදරණීයයන් සමඟ සතුටින් ජීවත්වන සමාජයක් ගොඩනැගීමට අවශ්‍යනම් රට වෙනුවෙන් සියළුම දෙනා එක්ව ක්‍රියාත්මක විය යුතුයි.ග්‍රාමීය හා නාගරිකව ජීවත්වන්නන්ගේ නිවාස අවශ්‍යතාවය මානුෂික මුහුණුවරින් විසඳිය යුතු බව ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එවන ලද සුබ පැතුම් පණිවිඩයේ සඳහන් විය.”

ගරු ජනාධිපතිවරයාගේ සුබපැතුම් පණිවිඩය නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා විසින් සභාවට ඉදිරිපත් කරන ලදී.

මෙහිදී අදහස් දක්වමින් ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ මිනිස් ජීවිත වල ආරක්ෂාව දියුණුව හා   බලාපොරොත්තු ඇති නිවසක දරුවන්ගේ අනාගතය ගොඩ නැගිය හැකි වාතාවරණය බිහිකිරීමට අප කැප විය යුතුයි. රට පුරා ආහාර නිෂ්පාදනයට යොමු විය හැකි ප්‍රමාණයන් වැඩිකර ගැනීමටත් නාගරික ප්‍රදේශවල එම නිෂ්පාදන මිලදී ගැනීම සඳහා වූ මධ්‍යස්ථාන ඇති කළ යුතු බවයි.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.