ජාතික නිවාස සංවර්ධන අධිකාරිය 2025 වර්ෂයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කිරීමේ සැමරුම් උත්සවය අද (01)
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය 2025 වර්ෂයේ
රාජකාරි නිල වශයෙන් ආරම්භ කිරීමේ සැමරුම් උත්සවය අද (01) එහි සභාපති එන්.බී.එම්. රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ආයතන පරිශ්‍රයේදී පැවැත්වුණා.
මෙම අවස්ථාව සදහා එම අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්, සාමාන්‍යාධිකාරි ඉංජිනේරු කේ.ඒ.ජානක මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියළුම දෙනා සහභාගී වූණා.
ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කර රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් අනුස්මරණය කිරීමෙන් අනතුරුව කාර්යාලීය රාජකාරී නිල වශයෙන් ආරම්භ කෙරුණා.
නව වසර සදහා රාජ්‍ය සේවක රාජකාරි නිල වශයෙන් ආරම්භ කෙරුණු ජාතික උත්සවය සමග සම්බන්ධ වෙමින් රාජ්‍ය සේවක ප්‍රතිඥාව ඉදිරිපත් කිරීම පළමුව සිදු කෙරුණා.
රටක් වශයෙන් අපට මගහැරුණු සහජීවනය, ආර්ථික හා සමාජ සංවර්ධනය, නූතනත්වය හා සංස්කෘතික සහජීවනය යළි අත්පත් කරගැනීම 2025 වසරේ අපේක්ෂාව බවට පත්ව තිබේ. සෑම කටයුත්තකදී ම පුරවැසියන්ට උසස් සමාජ තත්ත්වයක් ළගා කරදීමට ඉවහල් වන එකමුතුකම, වගවීම, අරපිරිමැස්ම, විනිවිදභාවය හා සමානාත්මතාවය යන කරුණු පරමාදර්ශයන් ලෙස පිළිපැදීමටත් එකී ප්රමිතීන් ආරක්ෂා කරගනිමින් ගැටළු සදහා විසදුම් සපයාගැනීමටත් කැප වන බවට මෙහිදී රාජ්‍ය සේවකයන් ප්‍රතිඥා දුන්නා.
රජය විසින් හදුන්වා දෙන Clean Sri lanka වැසටහන ආරම්භ කෙරුණේද මීට සමගාමීවයි.
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නිර්මාණය කරගැනීමේ අත්‍යවශ්‍ය, සාමූහිකව කැපවීමේ හා වගවීමේ ක්‍රියාවලිය "Clean sri lanka" වැඩසටහන වශයෙන් ක්‍රියාත්මකයි.
දශක හතරකට අධික කාලයක් රටෙහි ජාතික නිවාස අවශ්‍යතාවය සම්පූර්ණ කළ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය 2025 වර්ෂයේදී සුවපහසු නිවසක් සනීපාරක්ෂක ජීවිතයක් නිර්මාණය කිරීම සදහා තම දැක්ම හා මෙහෙවර ක්‍රියාත්මක කිරීමට අපේක්ෂාවෙන් සිටී.
නව වසරේ ආයතන සේවකයන්ගේ මානසික ආතතිය කලමනාකරණය කරගනිමින් පුද්ගලික හා වෘත්තීයමය ජීවිතය සාර්ථක කරගන්නා ආකාරය පිළිබදව විශේෂ දේශනයක්ද ආයතනයේ සුබසාධක සංගමය විසින් සංවිධානය කර තිබුණා. ඒ මහාචාර්ය දයා රෝහණ අතුකෝරළ මහතාගේ සම්පත්දායකත්වයෙනි. මෙම අවස්ථාව සදහා ද ප්‍රධාන කාර්යාලය හා දිස්ත්‍රික් කාර්යාලවල සියලුම සේවකයන් සියළු දෙන ZOOM ඔස්සේ මේ සඳහා සහභාගී වූණා.
No Comments