ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 46 වන සංවත්සරය අදට (01) යෙදී තිබේ.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 46 වන සංවත්සරය අදට (01) යෙදී තිබේ.
1979 වසරේ ජාතික නිවාස සංවර්ධන අධිකාරි පනත මඟින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ස්ථාපිත කරන ලදි.
ඒ නිමිත්තෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති අරවින්ද සිරිනාථ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) දින වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණි.
ප්‍රථමයෙන් මහා සංඝරත්නයේ වැඩමවීමෙන් සෙත් පිරිත් සජ්ජායනාවක් උදෑසන අධිකාරියේ පස්වන මහලේ පිහිටි බුදු මැදුර අසලදී පැවැත්වුණි.
ඉන් අනතුරුව උදෑසන 9.30ට සභාපති අරවින්ද සිරිනාථ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ විය.
එම වැඩසටහනට සමගාමීව සුබ සාධක සංගමය මගින් එහි සාමාජික සාමාජිකාවන්ට තිළිණ ප්‍රධානයක්ද කිරීමද සිදු කෙරුණි.
ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක වැඩසටහනින් පසුවඅධිකාරියේ එක් එක් කොට්ඨාස මට්ටමින් පිරිසිදු කිරීම සියළුම සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් සිදු කළහ.
මෙම අවස්ථාවට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී කේ.ඒ. ජානක, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්, සහකාර සාමාන්‍යාධිකාරීවරුන් ඇතුළු නිලධාරීන් සහභාගී වූහ
No Comments