පවුල් 130 ක් වෙනුවෙන් සින්නක්කර ඔප්පු පිරිනැමීමේ පළවෙනි අධියර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ගරු ප්‍රසන්න රණතුංග මැතිතුමාගේ ආරාධනයෙන්

2024 අයවැය යෝජනාවක් අනුව අඩුආදායම්ලාභි මහල් නිවාස හිමිකරුවන් 50000ක ජනතාවට සෙත සලසන වැඩපිළිවෙළ යටතේ කොළඹ මහනගර බලප්‍රදේශයේ තමන් ජීවත්වෙන මහල් නිවාසවල  හිමිකාරත්වය මෙතෙක් අහිමිව සිටි පවුල් 130 ක් වෙනුවෙන්  සින්නක්කර ඔප්පු පිරිනැමීමේ පළවෙනි අධියර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ගරු ප්‍රසන්න රණතුංග මැතිතුමාගේ ආරාධනයෙන්  2024/07/09 දින අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී පවත්වන ලදි.

    මෙම වැඩසටහනේදී කොළඹ දිස්ත්‍රික්කයේ සින්නක්කර හිමිකාරිත්වය නොලැබුණු මහල් නිවාස 31ක ප්‍රතිලාභින් වෙත තමන් ජීවත් වෙන නිවසේ සින්නක්කර  උරුමය හිමිවීය .

 මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන  ගරු තේනුක විදානගමගේ මැතිතුමා ගරු,අරුන්දික ප්‍රනාන්දු මැතිතුමා,ජනාධිපති කාර්‍ය්මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මැතිතුමා ,අමාත්‍යාංශයේ ලේකම් සත්‍යානන්ද මහතා ,ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජිව් සූරියආරච්චි මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්  සහ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු කේ ජානක මහතා ඇතුළු ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ජේෂ්ඨ නිළධාරින් පිරිසක් සහභාගි විය .

 

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.