අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් සදහා සින්නක්කර ඉඩම් ඔප්පු හා ණය චෙක්පත් ප්‍රදානය කිරීම
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් සදහා සින්නක්කර ඉඩම් ඔප්පු හා ණය චෙක්පත් ප්‍රදානය කිරීම උතුරු මැද පළාත් ආණ්ඩුකාර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපති මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ අනුරාධපුර උතුරු මැද පළාත් සභා කාර්යාල ශ්‍රවණාගාරයේදී.මෙහිදී ප්‍රතිලාභීන් 46 දෙනෙකුට සින්නක්කර ඔප්පුද, ප්‍රතිලාභීන් 250 දෙනෙකුට රුපියල් මිලියන 115ක නිවාස ණය චෙක්පත්ද ලබා දුන්නා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව සින්නක්කර ඔප්පු ලබා දීමේ වැඩසටහන මේ වනවිට කඩිනම් කර තිබෙනවා.නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල හරහා ඉඩම් ඔප්පු සහ නිවාස ආධාර කඩිනමින් ලබා දෙන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව මේ වනවිටත් එය ක්‍රියාත්මක කර තියෙනවා.ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මේ වසර අවසන් වීමට පෙර සින්නක්කර ඔප්පු 2000ක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මේ වන විට වතු නිවාස, ග්‍රාමීය හා නාගරික අඩු ආදායම්ලාභී පවුල් ඉලක්ක කර ගනිමින් විවිධ නිවාස වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතින අතර “ඔබට ගෙයක් - රටට හෙටක්” නිවාස වැඩසටහන සහ “මිහිදු නිවහන” නිවාස වැඩසටහන ඒ අතරින් ප්‍රධාන වනවා.
No Comments