"ආබාධ සහිත ප්‍රජාව උදෙසා නිර්බාධිත සමාජ ජීවිතයක්"

තේමාන්විතව විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ සනීපාරක්ෂාව වෙනුවෙන්;

නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්, සමාජ සවිබල ගැන්වීමේ දෙපාර්තමේන්තුව, ආබාධිත සහිත තැනැත්තන් සදහා වූ ජාතික මහලේකම් කාර්යාලය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව සනීපාරක්ෂක පහසුකම් (වැසිකිළි) වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. වැඩසටහන යටතේ සමස්ත ප්‍රතිලාභීන් 64 දෙනෙකු සදහා පහසුකම් සැලසෙන අතර මේ වනවිටත් ප්‍රතිලාභීන් 40 දෙනෙකු සදහා මූල්‍යාධාර ලබාදීමට කටයුතු කර තිබේ. අලුත්වැඩියා කටයුතු හෝ නව සනීපාරක්ෂක වැසිකිළි පද්ධතියක් ඉදිකිරීම සිදුකරනු ලබන්නේ ප්‍රජා දායකත්වය ද ලබගනිමිනි. මෙම වැඩසටහන මෙම වසරේදී අවසන් කිරීමට නියමිතයි. එහි ආරම්භක අවස්ථාව අද (16) සනිටුහන් වූයේ අතුරුගිරිය ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රයේදීයි.

කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ තෝරාගත් අබාධ සහිත පුද්ගලයන් තිදෙනෙකු සඳහා එහිදී චෙක්පත් ප්‍රදානය කෙරුණේ කොළඹ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කඩුවෙල සම්බන්ධීකරණ කමිටු සභාපති අසිත නිරෝෂණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි. මෙම අවස්ථාවට කඩුවෙල මහ නගර සභාවේ ගරු නගරාධිපති රන්ජන් ජයලාල් මැතිතුමා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ මහතා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් කළමනාකරු සමන් ජයතිලක මහතා, අතුරුගිරිය ප්‍රාදේශීය රෝහලේ අධ්‍යක්ෂතුමා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තාක්ෂණ නිලධාරී කේ. ජී. යූ. දිල්රාජ් මහතා ඇතුළු නිලධාරීන් ද, ඔරුවල වසමේ ග්‍රාම නිලධාරිනී බී. ඒ. එල්. මධුෂානි මහත්මිය, සංවර්ධන නිලධාරිනී දේදුනු ප්‍රියංකා මහත්මිය ඇතුළු සෙසු රාජ්‍ය නිලධාරීන් ද සහභාගී වූහ.

එමෙන්ම එම වැඩසටහන යටතේ ප්‍රතිලාභියෙක් වශයෙන් හදුනාගැනුණු කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නුගේගොඩ, ගංගොඩවිල, පැගිරිවත්ත පාර, අංක 11/1 පදිංචි වෙනුර ගයාන් මහතා වෙනුවෙන් ද චෙක්පත් ප්‍රදානය අද (16) සිදුකෙරුණේ ඒ මහතාගේ නිවසේදීයී. ඒ කෝට්ටේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී යසිදු ද සිල්වා මහතා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් කළමනාකරු සමන් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් හා සමාජ සේවා සංවර්ධන නිලධාරී ජගත් කෝදාගොඩ මහතා, සංවර්ධන නිලධාරී මංජුල ලෝරන්ස් මහතා, නිවාස සංවර්ධන අධිකාරියේ තාක්ෂණ නිලධාරී සුජීව පෙරේරා මහතා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙනි.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.