" තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්"
ස්ථීර නිවසක් සහ ආරක්ෂිත නිවහනක් අහිමි අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ඉදිකර දීමේ රජයේ වැඩපිළිවෙලට අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර ප්‍රා.ලේ. කොට්ඨාශයේ මාවී කුඹුර උතුර ග්‍රාමසේවා වසමේ නිවාස 17ක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම සහ චෙක් පත් ප්‍රධානය කිරීම 2026/09/10 දින සිදු කරන ලදී.
මෙම අවස්ථාවට උඩුනුවර ප්‍රාදේශීය සභා සභාපති අසිත රණවීර මහතා, උඩුනුවර සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය ,මහනුවර ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමණාකරු අනිල් ප්‍රියන්ත මහතා, තාක්ෂණය නිලධාරී තුෂාර බටුගොඩ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සහභාගී විය..
No Comments