රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 451 ගැමුණුපුර ග්‍රාම නිලධාරී වසමේ පදිංචි රොෂාන් කුමාර ආරියපාල මහතා බිරිඳ සහ දරුවන් සිව්දෙනා සමඟ ජීවත් වෙයි. පවුලේ සියලු වගකීම් දරන්නේද ඔහුය.
මේ විවෘත වෙන්නේ නිකන්ම නිකන් ගෙදරක් නෙමෙයි..
රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 451 ගැමුණුපුර ග්‍රාම නිලධාරී වසමේ පදිංචි රොෂාන් කුමාර ආරියපාල මහතා බිරිඳ සහ දරුවන් සිව්දෙනා සමඟ ජීවත් වෙයි. පවුලේ සියලු වගකීම් දරන්නේද ඔහුය.
දෛනික කුලී වැඩ කරමින් ජීවිතය ගෙන ගිය රොෂාන් මහතා, පවුලේ වගකීම් වැඩිවීමත් සමඟ විදේශ රැකියාවකට යාමට සැලසුම් කළේ ජීවිතය ගොඩනඟා ගැනීමේ බලාපොරොත්තුවෙනි. එහෙත් වංචාවකට හසුවීම නිසා එම බලාපොරොත්තුව බිඳ වැටුණු අතර, විදේශගත වීමේ සිහිනයද එතැනින්ම අවසන් විය.කාලය එසේ ගෙවී යද්දී පවුලට අලුත් සාමාජිකයෙකු එක් වුණා. ඒ ඔවුන්ගේ බාල දරුවායි. එම දරුවාගේ උපතත් සමඟම ඔවුන්ට ත්‍යාගයක් ලෙස ගවයෙකු හිමි වීම ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් විය.එක් ගවයෙකුගෙන් ආරම්භ වූ එම ගමන අද වන විට ගවයින් හත් දෙනෙකුගෙන් සමන්විත කුඩා ගව පට්ටියක් දක්වා වර්ධනය වී තිබේ.එම ගවයින්ගෙන් ලබාගන්නා කිරි අලෙවි කර ලැබෙන ආදායමෙන් රොෂාන් මහතා තම පවුලේ ජීවන වියදම් සපුරා ගනිමින් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වෙහෙසෙයි.මේ අතර,
"සුවපහසු නිවසක් – සවිබලැති පවුලක්"
නිවාස වැඩසටහන යටතේ රජයෙන් ලැබුණු නිවාස ආධාරයත්, ඔහුගේ කැපවීමත් ගමේ බෝහෝ දෙනුකුගේ සහයෝගයත් එක්වීමෙන් පවුලේ සිහිනය වූ ස්ථිර වූ නිවසක් සදා නිමකර ගැනීමට ඔවුනට හැකි විය.
අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමේ අරමුණින් රජයේ දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම නිවාස වැඩසටහන ක්‍රියාත්මක කරයි.ඒ අනුව, 2025–2026 ප්‍රතිපාදන යටතේ එක් නිවසක් සඳහා රුපියල් මිලියනය බැගින් වෙන් කරමින්, සමස්ත රුපියල් මිලියන 1020ක වියදමින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 1020ක් ඉදිකිරීමට සැලසුම් කර ඇත.
2026 වසර අවසන් වන විට නිවාස 1020ම ප්‍රතිලාභීන් වෙත භාරදීමට නියමිතය.
ඊයේ දින (ජූලි 31) මෙම නව නිවස විවෘත කෙරුණේ
නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
No Comments