‘යතිවර මාපිය නිවහන’ යටතේ දෙහිඅත්තකණ්ඩියේ නිවාසයකට මුල්ගල් තැබේ..

සසුන්ගත යතිවරයන් වහන්සේලාගේ ස්ථිර නිවසක් නොමැති දෙමාපියන් වෙනුවෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන ‘යතිවර මාපිය නිවහන’ නිවාස ආධාර වැඩසටහන යටතේ දෙහිඅත්තකණ්ඩිය මාවනාගම ප්‍රදේශයේ නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම පසුගිය 19 වනදා සිදු කෙරිණි.

මෙම වැඩසටහනේ අරමුණ වන්නේ සසුනට තම දරුවන් පූජා කළ යතිවරයන් වහන්සේලාගේ දෙමාපියන්ට ස්ථිර හා සුරක්ෂිත නිවාසයක් ලබාදීමයි. නිවසක් ඉදිකර ගැනීමට ආර්ථික අපහසුතා පවතින එවැනි පවුල් සඳහා නිවාස ආධාර ලබාදීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මැදිහත් වෙයි.

ඒ අනුව, දෙහිඅත්තකණ්ඩිය මාවනාගම ප්‍රදේශයේ පදිංචි ඒ. එම්. රම්‍යලතා මහත්මිය වෙනුවෙන් ඉදිකිරීමට නියමිත නව නිවස සඳහා 2026 සැප්තැම්බර් 19 වනදා මුල්ගල් තැබීම සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය වැඩම කළ අතර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මුතුමැණිකේ රත්වත්තේ මහත්මිය, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ. එමෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජකවරයා, ග්‍රාම නිලධාරී, ප්‍රජා නායකයින් සහ ප්‍රදේශවාසීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දෙහිඅත්තකණ්ඩිය ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. ‘යතිවර මාපිය නිවහන’ වැඩසටහන හරහා සසුනට තම දරුවන් පූජා කළ දෙමාපියන්ගේ නිවාස අවශ්‍යතාව සපුරාලමින්, ඔවුන්ට ගෞරවනීය සහ සුරක්ෂිත ජීවන පරිසරයක් සලසාදීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් අඛණ්ඩව මැදිහත්වීම් සිදු කරනු ලබයි.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.