කොට්ටාවෙ පිහිටි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් කාර්‍යාලය නිරීක්ෂණ චාරිකාවකට 2024/06/18 දින සභාපති රජිව් සූරියආරච්චි මහතා සහභාගි වීය

කොට්ටාවෙ පිහිටි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ  කොළඹ දිස්ත්‍රික් කාර්‍යාලය නිරීක්ෂණ චාරිකාවකට  2024/06/18 දින සභාපති රජිව් සූරියආරච්චි මහතා සහභාගි වීය .ඉන් අනතුරුව දිස්ත්‍රික් කාර්‍යාලයේ සමස්ථ කාර්‍ය්මණ්ඩල සාමාජිකයන් සමග ප්‍රගති සමාලෝචන  සාකච්ඡාවක් ද සිදුකරන ලදි.දිස්ත්‍රික් කාර්‍යාලය මගින් ක්‍රියාත්මක කරන සියලු සංවර්ධන වැඩසටහන් ,දේපොළ සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය පිලිබදව මෙහිදී සභාපතිතුමාගේ  අවධානයට ලක්වීය .

 ඉන් අනතුරුව පාදුක්ක බෝපේ ප්‍රදේශයේ  ඉන්දියානු ආධාර ඇති ව  වැඩ ආරම්භ කර තිබෙන නිවාස ව්‍යාපෘතිය සහ වැඩ නිමකර විවෘත කිරීමට සූදානම් ඉසුරුයාය ආදර්ශ ගම්මානයේ ද සභාපතිතුමා සංචාරය සිදුකරන ලදි.

 මෙම අවස්ථාවට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලලිත් එදිරිසිංහ ,රෝහණ පල්ලෙවල ,ප්‍රධාන ඉංජිනේරු වික්‍රමසිංහ ,සහකාර සාමාන්‍යාධිකාරී ආර් එම් පියතිස්ස යන මහත්වරුන් සමග කොළඹ දිස්ත්‍රික් කළමනාකරණාකරු සමන් ජයතිලක මහතා සහභාගි වීය .

 

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.