ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙම වර් ෂයේ පළමු කාර් තුවේ ප්‍රගති සමාලෝචන වැඩමුලුව

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙම වර්ෂයේ පළමු කාර්තුවේ ප්‍රගති සමාලෝචන වැඩමුළුව පසුගිය සති අන්තයේ මහනුවරදී සභාපති රජිව් සූරියආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණි .

   මෙම අවස්ථාවට සියලු දිස්ත්‍රික් කළමනාකරණාකරුවන් සහභාගි වූ අතර ප්‍රධාන කාර්‍යාලය නියෝජනය කරමින් අංශ ප්‍රධාන සියලු ජේෂ්ඨ නිළධාරින් සහභාගි විය.

 වැඩමුළුව ආරම්භ කරමින් සිය අදහස් දැක්වීම සභාපතිතුමා විසින් සිදුකරන ලදි.වර්තමාන කළමනාකරණාකාරිත්වය පත්වී දෙවසරකට ආසන්න කාලයක් ගතවී තිබේ .එම කාලසීමාව තුල අධිකාරියේ සියලු නිළධාරින්ට දේශපාලන පීඩනයකින් තොරව සිය රාජකාරි නීත්‍යානුකූලව සිදුකිරීම සදහා නිදහස ඇති බවත් එම රාජකාරි අවංකව කාර්‍ය්ශූරත්වය සිදුකර මහජන අපේක්ෂාවන් ඉටුකර දීම සමස්ථ කාර්‍ය්මණ්ඩලයේ ප්‍රධාන අභිලාෂය විය යුතු බව සභාපතිතුමා පෙන්වාදෙන ලදි.මේ වනවිටත් සියලු සේවක වෘත්තිය සමිති ඒකමතිකව තමන් සහ අධ්‍යක්ෂක මණ්ඩලය ගෙන යන වැඩපිළිවෙළ සදහා කොන්දේසි විරහිතව සහයෝගය ලබාදීම සභාපතිතුමා විෂේශයෙන් අවධාරණය කරන ලදි.මෙම පළමු කාර්තුවේදි අපේක්ෂිත ඉලක්කය වෙත ළගාවූ දිස්ත්‍රික් කාර්‍යාල සහ එහි කළමනාකරණාකරුවන් සභාපතිතුමාගේ විෂේශ ඇගයීමට ලක්වීය .

  මෙම අවස්ථාව වෙනුවෙන් උපසභාපති ලක්ෂ්මන් ගුණවර්ධන මහතා ,අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන ජනාධිපති නීතිඥ වීරරත්න ,නීතිඥ තිස්ස ජයවර්ධන ,ගවේෂ සනිරත්න ,ඉංජිනේරු වන්නිආරච්චි යන මහත්වරුන්,උපදේශක විශ්‍රාමික පොලිස් අධිකාරි ජයරත්න මහතා  සහ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු කේ ඒ ජානක මහතා ඇතුළු ජේෂ්ඨ නිළධාරින් පිරිසක් සහභාගි විය 

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.