සැළසුම් හා ප්‍රගති අංශය

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සැලසුම්කරණ සහ නිරීක්ෂණය කිරීමේ අංශය ආයතනයේ සාර්ථකත්වයට සැලකිය යුතු ආකාරයකින් දායක වේ. සැලසුම්කරණ ක්‍රමවේදය හෝ සැලසුම් පද්ධතිය ආයතනය නැවත ඇගයීමට සහ එය ගත යුතු දිශාව නිශ්චය කිරීමට අවශ්‍ය වේ. සැලසුම්කරණය යනු විශ්ලේෂණාත්මක ක්‍රියාවලියක් වන අතර, එය අනාගතය පිළිබඳ තක්සේරු කිරීම, බලාපොරොත්තු කර ඇති අනාගතය තුළ ඉටු කළ යුතු ලක්ෂ්‍යයන් තීරණය කිරීම සහ විකල්ප ක්‍රියාමාර්ග සකස් කිරීම ආදියට ඇතුළත් වේ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වසර 3ක් හෝ 5ක් සඳහා සම්පාදනය කරන සංවිධාන සැලසුමක් (Corporate Plan) මගින්, ඉටු කළ යුතු ලක්ෂ්‍යයන්, යෝජිත උපාය මාර්ග, ක්‍රියාමාර්ග, ඉලක්ක සහ වගකීම් නිශ්චය කරයි. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සංවිධාන සැලසුමට අනුව, ඉදිරි වසර 5 තුළ අදාළ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම හරහා අඩු ආදායම්ලාභී පුද්ගලයන්ගේ නිවාස අවශ්‍යතා 40%ක් නිරාකරණය කිරීමට අපේක්ෂිතය.

ක්‍රියාත්මක සැලසුම සහ එහි වැදගත්කම

සංවිධාන සැලසුමේ උපාය මාර්ග ක්‍රියාවට නැංවීම සඳහා ක්‍රියාත්මක සැලසුම (Action Plan) වසරකට එක් වරක් සකස් කරනු ලැබේ. මෙය ක්‍රියාවලියන්, වියදම් සහ වගකීම් වාර්ෂිකව විස්තරාත්මකව නිශ්චය කරන සැලසුමකි. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වැඩසටහන්, ආයතනයේ දිගුකාලීන ස්ථායීත්වය සහිතව එහි අරමුණු ඉටු කරගැනීමට සැලසුම් කළ යුතුය. සැලසුම්කරණ සහ මොනිටර් කිරීමේ අංශයට සැලසුම් ක්‍රියාවලිය තුළ මුහුණදෙන ප්‍රධාන අභියෝගය මෙය වේ.

සංවිධාන සැලසුම් සහ ක්‍රියාත්මක සැලසුම් සකස් කිරීමේ වැදගත්කම

පාලන කළමනාකරණය විකාශනය වීමත් සමඟ රාජ්‍ය ආයතන සඳහා සංවිධාන සැලසුම් සහ ක්‍රියාත්මක සැලසුම් සකස් කිරීම අනිවාර්යවී ඇත. තවද, අරමුදල් මුදාහැරීමට පෙර මූල්‍ය අමාත්‍යාංශය විසින් සංවිධාන සැලසුම් සහ ක්‍රියාත්මක සැලසුම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරයි.

ප්‍රධාන කාර්යයන්

  • ජාතික නිවස්ස සංවර්ධන අධිකාරියේ සංවිධාන සැලසුම වාර්ෂිකව යාවත්කාලීන කිරීම.
  • සංවර්ධන කටයුතු සඳහා වාර්ෂිකව විස්තරාත්මක ක්‍රියාත්මක සැලසුම සකස් කිරීම.
  • ව්‍යාපෘති යෝජනා සකස් කර ඉදිරිපත් කිරීම.
  • නියමිත වේලාවන්හිදී ප්‍රගතිය මොනිතර කර සමාලෝචනය කිරීම.
  • මාසික ප්‍රගති වාර්තා සකස් කිරීම.
  • යෝජිත පාර්ශ්වකරුන් වෙත කාර්තුවේ වාර්තා ඉදිරිපත් කිරීම.
  • ප්‍රගති සමාලෝචන රැස්වීම් සංවිධානයට සහාය දැක්වීම.
  • අරමුදල් ලබාදීමේදී මූල්‍ය අමාත්‍යාංශය සහ අදාළ අමාත්‍යාංශයට සංවර්ධන වැඩසටහන් වාර්තා ඉදිරිපත් කිරීම.
  • සෙවන ලොතරැයි ප්‍රවර්ධන ක්‍රියාකාරකම් සංවිධානය කිරීම.
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් නම් කළ සෙවන ලොතරැයි නියෝජිතයන්ගේ කළමනාකරණය, මොනිටර කිරීම සහ ප්‍රගති සමාලෝචනය කිරීම සහ නව නියෝජිතයන් නම් කිරීම.