එරුකලම්පිට්ටි "Zakath Kuwait" ගම්මානය ජනතා අයිතියට

ග්‍රාමිය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් අමාත්‍යතුමාගේ ආරාධනය පරිදි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම, එරුකලම්පිට්ටි "Zakath Kuwait" ගම්මානය ජනතා අයිතියට පත් කිරීම පසුගිය ඉරිදා (06) දින සිදු කෙරුණි.

මෙම උත්සවය මන්නාරම එරුකලම්පිට්ටි මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වුණි. එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් නිවාසලාභින්ට හිමිකම් ඔප්පු ප්‍රදානය කරන ලදි.

රාජ්‍ය නොවන සංවිධානයක් වන ඉස්ලාමීය සහන කමිටුවේ (ISRC) මූල්‍ය ආධාර මත මෙම ගම්මානය ඉදිකිරීම සඳහා වැය වූ මුදල රුපියල් මිලියන 105 කි. 

පළමු අදියර යටතේ මෙම ගම්මානයේ  විවෘත කළ නිවාස සංඛ්‍යාව 75 කි. මෙහි එක් පවුලක් සඳහා පර්චස් 10 ක් ලබා දී ඇත. එක් නිවසක් ඉදිකිරීම සඳහා වැය වූ මුදල රුපියල් ලක්ෂ 12.5 කි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය මෙම ගම්මානය සඳහා විදුලිය ලබා දීමට රුපියල් මිලියන 2.7 ක මුදලක් ලබා දීමට නියමිතය. මෙම ගම්මානයේ නිවාස අයිතිය හිමිවූවන් සියළුදෙනාම යුද්ධයෙන් අවතැන් වූ ජනතාවයි. යුද්ධයෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු මේ වනවිට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය විසින් සිදු කරයි. මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් නිවාස මෙම සම්බන්ධිකරණ කටයුතු සිදු කරයි.

මෙම අවස්ථාවට ග්‍රාමිය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, මන්නාරම දිස්ත්‍රික් ලේකම් ස්ටැන්ලි ද මෙල්, මන්නාරාම ප්‍රාදේශීය ලේකම් මනකරන් ප්‍රතීප්, මන්නාරම ප්‍රාදේශීය සභා සභාපති එම්.අයි. ඉස්සඩීන්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

 

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.