නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා , නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා හා අමාත්‍යාංශ
නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා , නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා හා අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු කුමුදුලාල් බෝවහවත්ත මහතා ඊයේ (17) ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්විය. ඒ නව ධුරයන් හී දිවුරුම් දීමෙන් පසු අධිකාරියේ නිරීක්‍ෂණ චාරිකාවකට එක් වූ පළමු අවස්ථාව ලෙසයි.
එහිදී ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රගතිය සම්බන්ධවත්, ආයතන දැක්ම හා ඉදිරි වැඩ පිළිවෙල සම්බන්ධවත් සාකච්ඡා කරන ලදී.ඊට අමතරව දැනට පවතින සේවක ගැටලු පිළිබඳවද අවධානය යොමු කරමින් සමස්ත සේවක පිරිස හමුවීමක් ද සිදු විය.
මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශ නිලධාරී පිරිසක් මෙන්ම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති අරවින්ද සිරිනාත, සාමාන්‍යාධිකාරී ඉංජි.කේ.ඒ ජානක මහතා ඇතුළු ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වය,දිස්ත්‍රික් කළමණාකරුවන් ඇතුළු සේවක මණ්ඩලයද සහභාගී වූහ.
No Comments